By Reporter.lk on (LK time)
2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 6.6% කින් වැඩිවී අමෙරිකානු ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එය ජනවාරි මාසයේ තිබූ අගයට වඩා වැඩි අගයක් බවත් 2020 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.
මෙම සංඛ්‍යාවට චීන මහජන බැංකුව (People’s Bank of China) සමග ඇති Swap ගිවිසුමෙන් ලැබුණු මුදල් ඇතුළත් බවද මහ බැංකුව සඳහන් කරයි.





