ඉරානයේ ප්‍රධාන ගුවන්තොටුපළකට ප්‍රහාරයක්.!

ඉරානයේ කාර්යබහුලම මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අද (07) දින අලුයම ප්‍රහාරයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ප්‍රහාරය එල්ල වීමත් සමග විශාල දුම් වළාවක් නිකුත් වී ඇති අතර ඊට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට නිකුත් වී ඇත.

මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාන කිහිපයක්ම සතුරන්ගේ ඉලක්ක වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි.

ඉරානයේ ප්‍රධානම ගුවන්තොටුපොළක් ලෙස මෙහ්රාබාද් ගුවන්තොටුපොළ සැලකෙන අතර එම ප්‍රහාරය එල්ල වන විට ගුවන්යානා කිහිපයක්ම තිබූ බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments