කුඩු සළිඳුගේ කෝටි 02ක දේපළ තහනම්.!

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර ඇත.

පානදුර, රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක්කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද පවතින බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන්ම උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුව මෙම දේපළ තහනමට ලක් කිරීමට එම කොට්ඨාසය පියවර ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments