ඉරාන නෞකා 30ක් මුහුදේ ගිල්වා දැමූ අමෙරිකාව.!

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන යුද්ධය හේතුවෙන් මේ දක්වා ඉරාන නෞකා 30කට වැඩි ප්‍රමාණයක් මුහුදේ ගිල්වා දමා ඇති බව අමෙරිකානු හමුදාව සඳහන් කරයි.

යුදමය තත්ත්වය හේතුවෙන් ගිල්වා දැමූ ඉරාන නෞකා අතර ඉරාන ඩ්‍රෝන නෞකාවක් ගිල්වා දැමූ බවද අමෙරිකානු හමුදාව සඳහන් කරයි.

තවද මෙම යුද්ධයේ පළමු දිනයේ සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් අඩු වී ඇති බවද අමෙරිකානු හමුදා සඳහන් කරයි.

මේ අතර ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරාගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට තමන්ටද අවශ්‍ය බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments