කෙහෙළියගේ වැඩ නිසා ඥාති සොහොයුරා ගෙල වැලලාගනී.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විභාග වන අල්ලස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන ඔහුගේ ඥාති සොහොයුරකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සොහොයුරා රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත.

කෙහෙළියට එරෙහිව විභාග වන අයථා ලෙස මුදල් ඉපයිමේ නඩුවට අදාළ ඥාති සොහොයුරා මීට පෙර අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින 7ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අනතුරුව ඇප ලැබුණු කෙහෙළියගේ ඥාති සොහොයුරා පසුගිය කාලය පුරාම දැඩි කලකිරීමෙන් ජීවත් වී ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments