By Reporter.lk on (LK time)
අද (05) දින අසර්බයිජානයෙන් පාලනය වන නක්චිවන් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නක්චිවන් පාලන ප්‍රදේශයේ ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලට එක් ඩ්‍රෝන යානයක් පහර දුන් බවත් අනෙක් ප්‍රහාරය ෂකරබාද් ගම්මානයේ පාසල් ගොඩනැගිල්ල අසලට කඩා වැටී ඇති බවද අසර්බයිජාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
නක්චිවන් ප්‍රදේශය ඉරානය සහ තුර්කියේ දේශසීමාවට මායිම්ව පිහිටා ඇති අතර එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ගුවන්තොටුපොළට හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.





