By Reporter.lk on (LK time)
ඉදිරියේදී හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරීයෙකුට භාර දීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බවත් ඒ අනුව ඉදිරි සතියකදී සුදුසු ක්‍රමවේදය ඒ සම්බන්ධව ගන්නා බවද ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් සහ උවමනාවකින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සහ ජයග්‍රහණ ලබාගැනීම අපගේ උත්සාහය බවද ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.





