By Reporter.lk on (LK time)
ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවේ තිබී සොයාගත් සිරුරු සංඛ්‍යාව 84ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔවුන්ගේ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කරයි.
අදාල ඉරාන යුද නෞකාව ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඊයේ (04) අනතුරට පත්වු අතර ජාත්‍යන්තර නාවුක ගමනා ගමන සම්මුති අනුව නෞකාව ඒ වනවිට පැවති මුහුදු ප්‍රදේශයේ අනතුරකදී මුදා ගැනීමේ සහ සෝදිසි සිදුකිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකාවටය.
නෞකාවේ පුද්ගලයින් 180 දෙනෙකු සිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළ අතර අයිරිස් ඩේනා නම් අදාළ නෞකාවේ සිටි 32 දෙදෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබුණි.





