ඉරාකයේ සියලුම පළාත්වල විදුලිය බිඳවැටෙයි.!

ඉරාකයේ සියලුම පළාත්වල ජාතික විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවත් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාක බලධාරීන් දැනට බිඳවැටීමට හේතු විමර්ශනය කරමින් සිටින අතර බලාගාර නැවත ආරම්භ කිරීමට සහ විසන්ධි වූ සම්ප්‍රේෂණ මාර්ග නැවත සම්බන්ධ කිරීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කරමින් සිටින බවද සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එරට විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ “ඉරාකයේ සියලුම පළාත්වල විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති” බවයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments