By Reporter.lk on (LK time)
මැදපෙරදිග උද්ගතවී ඇති යුදමය තත්ත්වය සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඒ අනුව විදෙස් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල සහ ඔවුන්ගේ නිල නිවාස 85කට ආරක්ෂාව සපයා ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“විදෙස් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල වලට ආරක්ෂාව ලබාදීලා තියෙන්නේ. තානාපති, මහකොමසාරිස් කාර්යාල සහ ඔවුන්ගේ නිල නිවාස 85කට ආරක්ෂාව සලසාදීලා තියෙන්නේ.”





