ඊශ්‍රායල අගමැති බෙන්ජමින් අතුරුදන්.!

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර හමුවේ මේ වනවිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යහතින් සිටිනවාද.? නැද්ද.? යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගිය (28) වැනිදා එක්වී සිදුකළ ප්‍රහාර වලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මරා දැමීමෙන් පසුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ප්‍රකාශයක් කළේය.

එහෙත් ඉන්පසුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර යුදමය ගැටුම් හමුවේ ඔහු සම්බන්ධයෙන් හෝ ඔහුගේ ප්‍රකාශ සම්බන්ධව ඊශ්‍රායල රජය හෝ එරට මාධ්‍ය කිසිවක් ප්‍රකාශ කර නොමැත.

කෙසේ වෙතත් ඉරාන හමුදාව විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ කාර්යාලයට පහර දුන් බව වාර්තා වේ.

එම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තුවාල ලබන්න ඇති බවට ඉරානය සඳහන් කරන අතර ඇතැම් මාධ්‍ය සඳහන් කළේ, නෙදන්යාහු එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගෙන ජර්මනියට පලා ගොස් ජර්මනියේ ආරක්ෂිතව සිටින බවයි. 

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments