ගාල්ලට ආසන්න මුහුදේදී නෞකාවක් අනතුරට.!

ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට ලක්වී ඇත.

අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු පමණ මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එමින් පවතී.

ඔවුන් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

තවද නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිරීක්ෂණ ගුවන් යානයක් යොමු කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments