By Reporter.lk on (LK time)
ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන ටෙහෙරානයේ ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට ‘Golestan Palace’ ප්‍රහාර එල්ල වී ඇති බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි.
16 වන සියවසේ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස සැලකෙන මෙම මාලිගය, ඉරාන සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයක් වේ.
මෙම හානිය වාර්තා වීමත් සමඟ යුනෙස්කෝ සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර ජාත්‍යන්තර නීතියට අනුව මෙවැනි ස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස යුනෙස්කෝ සංවිධානය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
ගොලෙස්තාන් මාලිගය, කජාර් රාජවංශයේ ඉරාන රජවරුන්ගේ නිල නිවස ලෙස භාවිතා වූ අතර පසුව එය පහ්ලවි රාජවංශයේ නිල මූලස්ථානය බවට පත්ව ඇති බව සඳහන් කරයි.
මෙම මාලිගයේ පවතින අතිවිශිෂ්ට කන්නාඩි වලින් කළ නිර්මාණ සහ පෞරාණික වීදුරු නිර්මාණ කම්පන තරංග හේතුවෙන් බිඳී ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.






