වහාම ඉවත් වෙන්න.. රටවල් 14ක පුරවැසියන්ට අමෙරිකාවෙන් දැනුම්දීමක්.!

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින් අමෙරිකානු පුරවැසියන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

බහරේන්, ඊජීප්තුව ,ඉරානය ,ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබියාව, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය යන රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට එලෙස ඉවත් වන ලෙස දැනුම් දී ඇත.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments