නෞකා වලට පහර දෙනවා.. ඉරානයෙන් අනතුරු ඇඟවීමක්.!

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට නිවේදනය කර ඇති අතර ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නෞකා වලට පහරදෙන බවට අනතුරු අඟවා ඇත.

ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක වලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින අතරතුර මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය යන රටවලින් අපනයනය කරන බොරතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය මෙය වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments