By Reporter.lk on (LK time)
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා ඇත.
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායල ප්‍රහාර කලාපීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බැවින් මැදිපෙරදිග කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාව සක්‍රීය මැදිහත්වීමක් සිදුකිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කර ඇත.
ගල්ෆ් කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයින් සිව්දෙනෙකු සමඟ දුරකථන සාකච්ඡාවල නිරත වෙමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඉරානයට පහරදීම සඳහා තම රට කඳවුරක් ලෙස භාවිතා නොකරන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කරන ඉරාන ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා සඳහන් කරයි.





