By Reporter.lk on (LK time)
ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හලක් වෙත පැමිණ පෝලිමේ රැඳී සිටි යතුරුපැදියක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව ඇත.
යාපනයේ, මරුදනාමඩම් මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලෙන් යතුරුපැදියට සම්පූර්ණයෙන්ම ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරුව මෙම ගිනිගැනීම සිදුව ඇත.
හදිසි ගිනිගැනීමත් සමග වහාම ක්රියාත්මක වූ පිරවුම් හලේ සේවකයින් ගින්න පාලනය කිරීමට සමත්විය.





