සෞදි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර.!

සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා දෙක විනාශ කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් එම ප්‍රහාරය විනාශ කිරීමට උත්සහා කිරීමත් සමඟ සුන්බුන් විසිරීම හේතුවෙන් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන ඇති බවද සඳහන් කරයි.

එම ගින්න හේතුවෙන් මේ වනවිට මෙහෙයුම් තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments