By Reporter.lk on (LK time)
ඉරානයේ නිෂ්පාදිත “ෂහෙඩ්” (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයකින් සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.
ඒ අනුව බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් තොරතුරු අනාවරණය කර ඇත.
ඉරානයේ නිෂ්පාදිත එම නියමුවන් රහිත යානයක් ඇක්‍රොටිරි (Akrotiri) ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටී ඇති බව සයිප්‍රස් ජනාධිපතිවරයා සඳහන් කරයි.
මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බවත් තමන් යුරෝපීය නායකයින් සහ අනෙකුත් රටවල නායකයින් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවද සයිප්‍රස් ජනාධිපතිවරයා සඳහන් කරයි.





