ඉරාන ප්‍රහාර අතරතුර අමෙරිකානු හමුදා ‘ක්ලෝඩ්’ තාක්ෂණය භාවිතා කරයි.!

ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉවත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත.

එහෙත් නියෝග කර පැය කිහිපයකට පසුවත්, අමෙරිකානු මධ්‍යම විධානය (U.S. Central Command) ඇතුළු අමෙරිකානු රජය, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වලදී බුද්ධි තොරතුරු විශ්ලේෂණය සහ ඉලක්ක හඳුනා ගැනීම වැනි කාර්යයන් සඳහා තවදුරටත් ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ‘ක්ලෝඩ්’ (Claude) AI තාක්ෂණය භාවිතා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments