By Reporter.lk on (LK time)
ඉරානයට එල්ල වූ දැවැන්ත ප්‍රහාර වලින් පසුව ඉරානයේ අන්තර්ජාල පහසුකම් සීඝ්‍ර පහත වැටීමක් දක්නට ලැබෙන බව ගෝලීය අන්තර්ජාල ක්රියකාරීත්වය නිරීක්ෂණය කරන Kentik ආයතනයේ දත්තවලට අනුව සඳහන් කරයි.
ඒ අනුව ඉරානය එල්ල කළ ප්‍රහාර වලින් සහ ඉන් අනතුරුව ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් පැය කිහිපයකට පසුව එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වේ.
ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ මේ වනවිට විසන්ධි වී ඇති බවත් ඉරාන රජයේ නිලධාරීන්ට හෝ රජයේ විශ්වාසය දිනූ පුද්ගලයන්ට අයත් සමාජ මාධ්‍ය ගිණුම් සීමිත සංඛ්‍යාවක් පමණක් සක්‍රීයව පවතින බවද සඳහන් කරයි.





