By Reporter.lk on (LK time)
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඇතුළු බලධාරීන් ඝාතනයට පළිගැනීම තම අයිතියක් වගේම යුතුකමක් බව ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් සඳහන් කරයි.
මෙම ඝාතනයන් ඉතිහාසගත අපරාධයන් බවත් මෙම ඝාතන සැලසුම් කළ පුද්ගලයින්ට සහ ක්‍රියාත්මක කළ පුද්ගලයින්ට එරෙහිව යුක්තිය ඉටුකිරීම ඉරාන රජයේ සහ හමුදාවේ යුතුකමක් බවද ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් සඳහන් කරයි.
ඔවුන්ගෙන් පළිගැනීම සඳහා ඉරානයේ සතු සියලුම ශක්තිය සහ බලය යොදවන බවත් ඉරාන සන්නද්ධ හමුදා ඒ සදහා සූදානම් කර ඇති බවද ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් සඳහන් කරයි.
මේ අතර අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ඉරාන හමුදාව ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.





