උත්තරීතර නායක කමේනිගේ වගකීම අලිරේසාට.!

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයේ ටෙහෙරාන් හි පිහිටි කාර්යාලය වෙත එල්ල කළ ප්‍රහාර වලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත්විය.

උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනයෙන් පසුව එම ධුරයේ වගකීම සඳහා නව නායකයෙක් පත්කර ඇති අතර ඒ අනුව නව කවුන්සිල ප්‍රධානියා ලෙස ෂියා මූලධර්මවාදී නායක අලිරේසා අරාෆි පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඉරානය දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

1989 වසරේ සිට දශක තුනකට වැඩි කාලයක් ඉරානය පාලනය කළ 86 වියැති කමේනි එරට උත්තරීතර පාලකයා ලෙස මෙන්ම රාජ්‍යයේ ප්‍රධානියා ලෙසද, ඉරාන විප්ලවීය හමුදාව ඇතුළුව සියලු හමුදාවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments