ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

සිය සමාගම මඟින් ආනයනය කරන ලද නව ගෑස් තොගයක් අද දිවයිනට ළඟා වූ බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව, අද දින සිට එම ගෑස් තොගය වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර, ගෘහස්ථ පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි සිය අලෙවි නියෝජිත ජාලය හරහා ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමේ හැකියාව පවතින බව ද සමාගම පෙන්වා දෙයි.

පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් පැවති අතර, එම තත්ත්වය හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය. ඒ සමඟම දින කිහිපයක් ලිට්‍රෝ ගෑස් සැපයුම ද සීමා වීමෙන් වෙළඳපොළ තුළ එහි හිඟයක් ද දක්නට ලැබුණි.

නව ගෑස් තොගය වෙළඳපොළට නිකුත් කිරීමත් සමඟ ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් වේ යැයි අපේක්ෂා කෙරේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments