By Reporter.lk on (LK time)
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට එරෙහිව පකිස්තානය විසින් විවෘත යුද්ධ තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශසීමා ප්‍රදේශයේ පසුගිය දිනවල උද්ගත වූ ගැටුම් මාලාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව සඳහන් වේ.
ඇෆ්ගනිස්තාන බලකා විසින් පකිස්තාන දේශසීමා හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින්, ඊට ප්‍රතිචාර ලෙස පකිස්තානය ඇෆ්ගනිස්තානයේ කාබුල් සහ කන්දහාර් නගර ඉලක්ක කර ගුවන් ප්‍රහාර සිදු කර ඇති බව වාර්තා වේ.
පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් “අපගේ ඉවසීමේ සීමාව අවසන් වී ඇත. දැන් මෙය අප සහ ඔබ අතර විවෘත යුද්ධයකි” යනුවෙන් සඳහන් කර ඇත.
එසේම, පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ රටට එරෙහි ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාකාරකමක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පකිස්තානයට හැකියාව පවතින බවයි.
තලේබාන් පාර්ශ්වයද ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට තද ප්‍රතිචාර දක්වන බවයි.
පකිස්තානය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලේබාන් පාර්ශ්වය පවසයි.
අනෙක් පැත්තෙන්, තලේබාන් බලකා විසින් සිදු කළ ප්‍රහාරවලින් පකිස්තාන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව පකිස්තාන බලධාරීන් තහවුරු කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් දෙරට අතර උණුසුම් ආරවුල තවත් උත්සන්න වෙමින් පවතින අතර, කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලු ගැඹුරු විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.





