අපිව CIDයට ගෙනාවත් බය නෑ.. නාමල් – පද්මේ සබඳතා.?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (03) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග පැවති සබඳතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

පසුගිය (26) වැනිදා නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණද, ඔහු ඒ වනවිට ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටියේය.

මේ අතර තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ කිරින්දේ පැවති හමුවකදී සඳහන් කළේ,

“ආණ්ඩුව හිතනවා නම් අපිව CIDයට ගෙනල්ලා. අපෙ අම්මාව CIDයට ගෙනල්ලා. අපෙ තාත්තව ගෙනල්ලා ගල් අගුරු මගඩිය යටගහන්න, ඒක වෙන්නේ නෑ.

ආණ්ඩුව හිතනවා නම් අපි CIDයට ගෙනාවාම බය වෙලා කන්ටේනර් 323 පන්නපු එක ගැන අපි අහන්නෑ කියලා, ඒක වෙන්නෙත් නෑ.”

6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments