ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවත් එළැඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු වැඩි කිරීමට අවශ්‍ය බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ,
“මෙතන ලොකු ගැටලුවක් තියෙනවා කඩිනමින් බස් ගාස්තු වැඩි කරන්න අපිට බොහෝ දුරට ඉල්ලීමක් කරන්න වෙනවා. මොකද ලබන ජුලී මාසේ වෙන්න ඉස්සෙල්ලා අපිට ඉල්ලීමක් කරන්න වෙනවා ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට අවශයයි කියලා.
හේතුව තමයි ලංකාවේ ධානය කරන්නේ කෙටි ගමන් සේවා බස් රථ. ලංකාවේ 13,000- 14,000ක බස් රථ බල ඇණියක් තියනවා ලංකාවේ. සාමාන්‍යයෙන් 6,000- 7,000ක වැඩිපුර බස් රථ. දැන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ගමනාගමනය කරන්න හැකියාවක් නැහැ.
ඉස්සර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට ආදේශ කරලා තිබ්බේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩීසල් ලීටරයකට ධාවනය කරන්න පුළුවන් දුර ප්‍රමාණය කිලෝමීටර් 2.5ක් හෝ 3වගේ ප්‍රමාණයක්. දැන් ඒක තවත් අඩුවෙලා තියනවා දැන් කිලෝමීටර් 2වත් ධාවනය කරන්න බැහැ.”
“පොදු ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. රටේ ජනතාව දැනගන්න ඕනේ පෞද්ගලික බස් රථ සේවාව නියාමනය කරන්නේ අපි නෙමෙයි. බස් ගාස්තු සම්බන්ධව සමාලෝචනයක් කරන්න කියලා අපි ඉල්ලනවා මොකද ඇස්කන් පියාගෙන ඉන්න හැකියාවක් නෑ. අඩුම වශයෙන් කෙටි සේවා තව රුපියල් 5-6ක් වත් වැඩි කරන්න වෙනවා අවම ගාස්තුව.”
අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කරයි.
