සැගවී සිටින ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලිය අත්අඩංගුවට.!

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි ලියනගේ නොහොත් ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශගතව සැඟවී සිටින ධර්මසිරි ලියනගේ නොහොත් ඇල්ටෝ ධර්මේගේ සාහාජිකයන් සතුව තිබී කඩු 3ක්, රුපියල් ලක්ෂ 25ක් වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.