පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබන (03) වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට එදිනම උදේ 9.30ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂට එරෙහි පැමිණිල්ල කුමක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි වාර්තා වේ.
