හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසීම අරමුණින් ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට අදාළ නව චක්‍රලේඛයක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථාවත් කිරීමට නිකුත් කරන ලද පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිකුත් කළ වක්‍රලේඛයට සමගාමීව මෙය නිකුත් කර ඇත.
ඒ අනුව කර්මාන්ත අමාත්‍යාශයේ හා ව්‍යාපාරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රුපියල් ලක්ෂ 2ක්, ලියාපදිංචි නොවූ ගෘහස්ථව ස්ථිර ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයකට රු. 50,000/- ක්, ලියාපදිංචි නොවූ නිෂ්පාදන කර්මාන්ත හා හරිතාගාර යනාදිය සඳහා ඒකකයකට රු. 50,000/- ක්, පදික සහ ජංගම ඇතුළු තාවකාලිකව සිදු කරන ව්‍යාපාරික ස්ථානයකට රු. 25,000/- ක්.
හානි තක්සේරුවකින් තොරව වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ව්‍යාපාරික ගොඩනැගිලි හිමියෙකුට ගෙවනු ලබන දිමනාව වන්නේ රුපියල් ලක්ෂ 5කි.
ඊට අමතරව තම ව්‍යාපාර හානියට පත්වූ ව්‍යාපාරිකයන්ට, ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් ද තවදුරටත් ආයෝජනය කිරීම අවශ්‍ය වන ව්‍යාපාරවලට ණය යෝජනා ක්‍රමයක් භාණ්ඩාගාරය විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව, හානි වු ව්‍යාපාර නැවත ආරම්භ කිරිම සඳහා බැංකු පද්ධතිය තුළින් කාරක ප්‍රාග්ධනය ලෙස රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 250 ක් දක්වා 3%ක පොළියක් යටතේ ණය ලබා ගැනිමට පහසුකම් සලසා ඇති අතර එම ණය මාස 06 සහන කාලයකට යටත්ව අවුරුදු 03 කින් ගෙවා නිම කළ යුතුයි.
තම ව්‍යාපාර හානිවි ඇති ව්‍යවසායකයින් සඳහා රුපියල් මිලියන 25 දක්වා 5%ක පොළිය යටතේ මාස 12 සහන කාලයක් සහිතව අවුරුදු 10න් ගෙවිමට හැකිවන ලෙස බැංකු හරහා ණය ලබා ගැනීමටද අවශ්‍ය කටයුතු සලසා දී ඇත.
