ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට.!

41වන ලෝක විවාහක රූ රැජින තරගය අද (30) දින පෙරවරුවේ අවසන් වු අතර අවසන් තරගයේ කිරුළ හිමිකර ගැනීමට තායිලන්ත තරගකාරිය සමත්විය.

අමෙරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගයේ අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්විය.

ඒ අනුව අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ්ට එහි තෙවන ස්ථානය හිමිවිය.

මෙම ලෝක විවාහක රූ රැජින තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියහ.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments