එකම පවුලේ සාමාජිකයින් 11කට මරණ දඬුවම.!

එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස විසින් කැසිනෝ, ගණිකා මඩම්, පුද්ගල පැහැර ගැනීම්, මුල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දූෂිත ක්‍රියා රැසක් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිං පවුල ලෙස කුප්‍රකට මෙම චීන ජාතිකයින් විසින් මියන්මාරයේ ලාක්කායිං නගරයේ දූෂිත ක්‍රියාකාරම් සහිත කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 2023 වසරේදී මියන්මාර බලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන චීනයට භාරදී ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments