ගුවන් යානයක් කඩා වැටී සියලුම දෙනා මරුට.!

කොලොම්බියාවේ ගුවන් යානයක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැටෙනා ගුවන් සේවයට අයත් කුඩා මගී ගුවන් යානයක් ඊසානදිග කොලොම්බියාවේ නොර්ටේ ඩි සැන්ටැන්ඩර් පළාතේ දුරස්ථ ප්‍රදේශයකදී අනතුරට ලක්වී ඇත.

බීච්ක්‍රාෆ්ට් 1900 ටර්බෝප්‍රොප් යානය කුකුටා සිට ඔකානා දෙසට පියාසර කරමින් සිටියදී ගුවන්ගත වී ටික වේලාවකට පසුව ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතාව විසන්ධි වී ඇත.

කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ මගීන් 13 දෙනෙකු මියගොස් ඇති අතර එම අනතුරින් කිසිවෙකු දිවි ගලවා නොගත් බව එරට ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.