අතුරුදන්ව සිටි රනිල්ගේ ලේකම් අධිකරණයෙන් මතුවෙයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අවස්ථාවේ සිය නිවසින් අතුරුදන්ව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ සැකකරුවකු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර ඇත.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත් කළද, ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇත.