මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරත පිරිස් භාරවෙන්න කැමැත්ත පළ කරලා.!

ආණ්ඩුව විසින් සිදුකරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය නිසි අයුරින් සිදුකරගෙන යන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරතව සිටින ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කර ඇති බවත් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය නිසි අයුරින් සිදුකරගෙන යාමත් සමග අදාළ පිරිස් මෙලෙස භාරවීමට කැමැත්ත පළ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මේ බව සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments