කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා අද (26) දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හයදෙන ලබන (29) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
තවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, ලබන (29) වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙසයි.
