බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා පැවසූවේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් බස් රථ රියදුරන්ට සිදුකරන පරීක්ෂණ බස් රථ කොන්දොස්තරවරුන්ටත් සිදු කිරීමටත තීරණය කළ බවයි.
ඒ අනුව ලබන සතියේ දී බස්නාහිර පළාත තුළ අහඹු ලෙස මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තර මහත්වරුන්ද රාජකාරී කටයුතු සිදුකරන විට සම්පූර්ණයෙන්ම මත්පැන් භාවිතයෙන් වැළකී සිටිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කරයි.
මෝටර් රථ පනතට අමතරව අධිකාරිය මගීන් ද මේ සඳහා දඬුවම් ලබාදීම සඳහා නීතිමය ප්‍රතිපාදන පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බස් රථ බලපත්‍රයක් ලබා දීමේදී කොන්දේසි 38ක් යටතේ එය ලබාදෙන බවත් බස් රථ රියදුරු මහතාගේ සහ කොන්දොස්තර මහතාගේ ක්‍රියා පටිපාටිය ද එම කොන්දේසිවලට අනිවාර්යෙන්ම ඇතුළත් වන බවද බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.
බස්නාහිර පළාත තුළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ නැවතුම්පොළ 65ක් තිබෙන බවත් එම ස්ථානවලදී අහඹු ලෙස ජංගම රසායනාගාර පරීක්ෂණ යොදාගෙන මෙම පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවද ගාමිණි ජාසිංහ පවසනවා.
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 5000කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව ධාවනය වන බවත් මේ අනුව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 10000කට ආසන්න ප්‍රමාණයක් එම බස් රථවල සේවය කරන බවයි ඔහු පෙන්වා දුන්නේය.
