IFC හෙවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර සංවර්ධනය දක්වා රට සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා ඩොලර් මිලියන 166ක ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර ඇත.
මෙම ආයෝජනය උපායමාර්ගිකව ශ්‍රී ලංකාවේ ප්රමුඛ වාණිජ පුද්ගලික බැංකු 03ක හරහා ලබා දීමට සැලසුම් කර ඇති අතර ඩොලර් මිලියන 50ක ණයක්, අවදානම බෙදා ගැනීමේ පහසුකම් (RSFs) ඩොලර් මිලියන 80ක් සහ වෙළඳ මූල්‍ය සහාය සඳහා ඩොලර් මිලියන 36ක් මේ සඳහා ඇතුළත් වේ.
මෙම පුළුල් මට්ටමේ මූල්‍යකරණ පැකේජය කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා මූල්‍යමය තත්ත්වය පුළුල් කිරීම මෙහි අරමුණ වේ.
ලෝක බැංකු සමූහය සහ ප්‍රධාන ජාතික ප්‍රමුඛතා යන දෙකම සමග සමපාත වන මෙම හවුල්කාරීත්වය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඉලක්කගත විසඳුම් ලබා දීම, ව්‍යාපාරවල අභියෝග ජය ගැනීමට සහ රට දිගුකාලීනව ශක්තිමත් ආර්ථිකයකට ඔරොත්තු දීම සඳහා සහාය වීම මෙහි අරමුණු වේ.
