දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව හෙට උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග 05කට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස අද (25) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කරයි.
බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතූ ඖෂධ නියම කිරීම සහ රසායනාගාරවලින් කළ යුතූ පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතූළු කටයුතු වලින් ඉවත් වෙමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
