ජනතාව වෙනුවෙන් දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක්.!

රජයේ සුවපත් රටක් උදෙසා වැඩසටහන යටතේ නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පිහිටුවීම සිදුකරයි.

මේ වසර තුළ රුපියල් මිලියන 1500ක වියදමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ස්ථාපිත කිරීම අපේක්ෂාවයි.

බෝ නොවන රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ පාලනය, පිළිකා කලින් හඳුනා ගැනීම, සුළු ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා මෙම මධ්‍යස්ථානය තුළින් ජනතාවට ලබාදීමට නියමිතය.

තවද පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන්ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර ‌ සේවා, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක්‌ මෙම මධ්‍යස්ථානය තුළින් ජනතාවට ලබාදීමට නියමිතය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments