අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනමක්.!

වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට එක්සත් රාජධානියේ ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබාදී ඇත.

රජයේ පාසල් පනත් කෙටුම්පතට ගෙන ආ සංශෝධනයකට පක්ෂ ඡන්ද 261ක්ද විපක්ෂව ඡන්ද 150ක් හිමිව ඇති අතර විපක්ෂ ලෝඩ් සාමාජිකයින් මෙම තහනමට සහයෝගය පළ කර ඇත.

කෙසේ වෙතත් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ පහළ සභාව වන (House of Commons) කොමන්ස් සභාවේදී අවලංගු කිරීමට උත්සාහ කරන බව බ්‍රිතාන්‍ය රජය සඳහන් කරයි.

තවද වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් විසින් වෙනම මහජන උපදේශන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් පවතින බවද බ්‍රිතාන්‍ය රජය සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments