ICC – බංග්ලාදේශ අර්බුදය දුරදිග යයි.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යෑම පිළිබඳ අවසන් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) දැනුම් දී ඇත.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා නොකරන බවට පෙර සිටි දැඩි තීරණයේ එලෙසින්ම සිටින බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් ICCයට දැනුම්දී ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ රජයේ ක්‍රීඩා උපදේශකවරයා අතර ඩකා නුවරදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ICCය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් සඳහන් කර ඇත.