කෝටි 90ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක්ට අත්අඩංගුවට.!

නිට්ටඹුව, පින්නගොල්ල වත්ත අරලිය පටුගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61.838ක් අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව,පින්නගොල්ල වත්ත අරලිය පටුමග ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ කුඩු සිද්ධික් යන අයගේ අනුගාමිකයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි 90කට අධික බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments