ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන ඇත.
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 30ක් පමණ පවතින බවත් ඒ හේතුවෙන්, රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට අදාල කටයුතු වලට ගැටලු මතුව ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මීට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා, නව බඳවා ගැනීමේ පෙබරවාරි මුල් සතිය තුළ සිදුකර අවසන් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
