පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්.!

‘දිට්වා’ සුළි කුණාටුවත් සමග අ.පො.ස උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග හේතුවෙන් ජනවාරි (10) වනදා සිට පාසල් සඳහා යළි නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේය.

ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (21) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව හෙටින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස (13) වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස (14) වනදා සිට මාර්තු මස (02) වනදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබාදීම සිදුවෙයි.