රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම විය.
ඒ අනුව සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස (09) වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කර ඇත.
මෙම පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලිගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ අභියාචනා පෙත්සම් විභාගය සඳහා මාර්තු මස (09) වනද කැඳවන බවට නියම කළේය.
