මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන මෝදිට ලියුමක් යවයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් ඒ සඳහා මැදිහත් වන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව, එම රාජ්‍ය නායකයන් දෙදෙනාට පෞද්ගලිකවම ලිපි යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.

තවද ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට  සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.

7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments