ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 41ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වු අතර එම ජයග්‍රහණය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී නවසීලන්තය ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වෙයි.
1988 වසරේ සිට ඉන්දියාවේ සංචාරය කරන නවසීලන්ත කණ්ඩායම වසර 37ක මේ දක්වා වූ කාලය තුළ ඉන්දියාවේදී කිසිදු එක්දින තරගාවලියක ජයක් වාර්තා කිරීමට නොහැකි විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 337ක් රැස්කරගැනීමට සමත් විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 46කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 296ක් පමණි.
