ජනාධිපතිවරයාගේ අරමුදල් පනත ප්‍රකාරව මුදල් ණය වශයෙන් ලබාදීමට ප්‍රතිපාදන සලසා දී නොතිබුණද, පසුගිය 2012 සහ 2014 වර්ෂ වලදී අරමුදල මගින් හිටපු අග්රාමාත්යවරයෙකුට රුපියල් 29,809,143ක මුදලක් ලබාදී ඇත.
2024 වර්ෂයට අදාළව ජනාධිපති අරමුදලෙහි මූල්‍ය ප්රකාශනයේ මේ බව සඳහන් කර ඇත.
විගණනයට ලද තොරතුරු අනුව ඉන් රුපියල් 13,748,217ක මුදලක් නැවත අය කර ගැනීමේ පදනමෙන් ලබාදී තිබුණද, 2025 වසරේ ජුනි මාසය දක්වාම එම මුදල් නැවත අය කර ගෙන නැති බව විගණනයේ සඳහන් කර ඇත.
තවද ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය සඳහා වැටුප් සහ අනිකුත් මෙහෙයුම් වියදම් වලට අරමුදල මගිනුයි ගෙවීමට ප්‍රතිපාදන සලසා දී ඇති අතර නමුත් ඊට අදාළව රුපියල් 51,128,078ක මුදලක් වියදම් ලෙස දරා තිබුණේ ජනාධිපති කාර්යාලය මගින් බවද විගණන වාර්තාවෙහි දැක්වෙයි.
සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම අවශ්‍ය රීති මාලාවක් ජනාධිපති අරමුදල් මණ්ඩලය මගින් සකස් කර ගෙන නැති බවද විගණනය අනාවරණය කර ඇත.
එනිසා එහි බලතල බෙදීම ඇතුලු කටයුතු විධිමත් සහ අනුමත රීති මාලාවක් නැතිව ක්‍රියාත්මක වන බවටයි විගණනයට නිරීක්ෂණය වී ඇත.
