වන්දනාමාන සඳහා බෞද්ධයින් යන විහාරස්ථාන පිළිබඳව තීරණය කිරීමට රටේ ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.
දකුණු ඉන්දීය ආක්‍රමණිකයෙකු වූ එළාර මිය යන මොහොතේ සිංහලයෙකු වී හෝ මෙම ජාතියෙන් පළිගන්නා බවට පැවසූ බවත් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බලන විට එම එළාරගේ ආත්මය වැහී ඇති අයුරක් තමන්ට පෙනෙන්නට තිබෙන බව විමල් වීරවංශ සඳහන් කරයි.
ජනාධිපතිවරයා යාපනයේ සිදුකරන ප්‍රකාශ හරහා උතුරේ ජනතාවගේ, ඩයස්පෝරාවේ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් එමඟින් අනෙකුත් ජන කොටස් වලට ඇති අයිතිවාසිකම් පිළිබඳව ඔහුට අමතක වී ඇති බවද විමල් වීරවංශ සඳහන් කරයි.
විමල් වීරවංශ තවදුරටත් සඳහන් කළේ,
“මම හිතන්නේ ජනාධිපතිවරයා එක්තරා ආකාරයක දැන් තමුන්නාන්සේලා දන්නවා සල්ලි බාගෙ තියෙන මිනිහෙක් දැක්කොත් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් ඉඟි බිඟි පානවා ඇඟ පෙන්නන්න පටන් ගන්නවා.
දැන් ජනාධිපතිවරයා උතුරට ගියාම එයත් අර ආකර්ෂණය දිනා ගන්න හදනවා උතුරේ ජනතාවගේත් ඒ වගේම ඩයස්පෝරා එකෙත්. එතකොට ඒ නිසා එයාට අනිත් ජනකොටස් ගැන ඒ අයට තියෙන අයිතිවාසිකම් ගැන අමතක වෙනවා.
ජාතිවාදය ගැන කතා කරන්නෙම උතුරට ගිහිල්ලා යාපනේ ගිහිල්ලා. කොහෙවත් නෑ. දැන් රටේ ජනාධිපතිට මොකක්ද තියෙන අයිතිය මේ බෞද්ධයා යන්න ඕන විහාරස්ථාන ගැන තීරණය කරන්න.”
“අර එළාර කියන දකුණු ඉන්දීය ආක්‍රමණිකයා මැරෙන වෙලාවේ අන්තිම මොහොතේ කිව්වලු මං සිංහලයෙක් වෙලා හරි ඒ ජාතියෙන් පළිගන්නවා කියලා.
මට පේන්නේ ඒක වෙලා වගේ තමයි මට නම් පේන්නේ. එහෙට ගියාම තමයි අමුතුව කතාවල් එළාරව වැහිලා එලියට එනවා. ඕක තමයි මේ වෙලා තියෙන්නේ.”
